Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේ සේවකයන්ට තෑග්ගක්

3 years ago

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ඊයේ (14) අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය හිමිකර දෙමින්.

මෙම තරගාවලියේ සියලුම තරග පැවැත් වුණේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය සඳහා ලබා දී තිබූ තණ තීරු ඉතා හොඳ මට්ටමේ තණතීරු බවට දෙපිළේම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සඳහන් කර සිටියා.

මේ අතර ඊයේ (15) රාත්‍රියේ තරගාවලිය අවසන් වීමෙන් පසු ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු රහ්මානුල්ලා ගුර්බාස් විසින් පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ස්ථිර සේවකයින් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.

ගුර්බාස් විසින් රුපියල් 30,000ක මුදලක් එම සේවකයින් අතරේ බෙදාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාංගණ කළමනාකරු වෙත ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

නවතම පුවත් (Latest News)