ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව සමග පැවති අවසන් 20-20 තරගයේදී විනිසුරු ලින්ඩාල් හැනිබල් සහ ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග සමඟ ඇති වූ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධව විශාල කතාබහක් ඇති වී තිබෙනවා.
තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීද වනිඳු හසරංග විසින් විනිසුරුවරයාව දැඩි ලෙස විවේචනය කළේය.
තරගයෙන් අනතුරුව ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විනිසුරු හැනිබල්, තරග තීරකවරයාට මේ සම්බන්ධව පැමිණිලි කර ඇති බවද සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනිඳුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (ICC) විනය ක්‍රියාමාර්ග ගැනීමේ ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා.
හසරංගගේ මේ හැසිරීමට ICC චර්යාධර්ම සංග්‍රහය යටතේ 2 මට්ටමේ චෝදනාවක් එල්ල වී ඇති බවද සඳහන්.
මීට පෙර සිදු කළ වැරදි සම්බන්ධයෙන් & demerit points හෙයින්, වරදකරු වුවහොත් හසරංගට T201 තරග දෙකක් හෝ ඊට වැඩි ගණනක තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.
නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තවමත් මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

