ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය 21 වැනිදා පැවැති විස්සයි 20 තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනමක් හා තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචිමාර්ග පවසනවා.
එමෙන්ම එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව වාර්තා වනවා.
එම දඩුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් ඊයේ (23) පස්වරුවේ දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.
ඒ අනුව වනිඳු හසරංගට බංගලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග දෙක අහිමි වනු ඇත.
එම තරගයේ නිපන්දුවක් සංඥා නොකිරීම පිළිබඳව ලින්ඩන් හැනිබල් විනිසුරුවයාව තරගයෙන් අනතුරුව හා මාධ්‍ය හමුවේදී විවේචනය කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) ඔහුට මෙම දඩුවම් පනවා ඇත.

