ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ තිලකරත්න ඩිල්ෂාන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු සඳහන් කළේ ඊයේ පැවති පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ උත්සවය වඩාත් සුවිශේෂී වූයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පැමිණීමත් සමඟ බවයි.
ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස, ඔහු ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමකට බැඳීමට සහ දක්ෂතා තම ප්‍රජාව සමඟ බෙදාගැනීමට තීරණය කරනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ජේසන් වුඩ් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඩිල්ෂාන්ගේ දියණිය රෙසන්දි ද තම පියාගේ අඩි පාරේ යන බව අසන්නට ලැබීම සතුටක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පුහුණුකරුවෙකු ලෙස තම සහය ලබාදීමට කැමැත්තෙන් සිටින බව අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළද ඔහුට ඒ සඳහා කිසිඳු අවස්ථාවක් හිමි වූයේ නොමැත.


