Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 2කට පසු ශ්‍රී ලංකා විස්සයි විස්ස පිල තරග බිමට

3 years ago

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය අද (04) ආරම්භ වේ.

තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් අද මෙහෙයවයි.

දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

මෙය 2024 වසර තරග කාලසටහටනට අනුව ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සඳහා ඉතිරිව ඇති අවසන් පන්දුවාර විස්ස තරගාවලියයි.

ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
කමිඳු මෙන්ඩිස්
සදීර සමරවික්‍රම
චරිත් අසලංක
ඇන්ජලෝ මැතිව්ස්
දසුන් ශානක
මහීෂ් තීක්ෂණ
ජෙෆ්‍රි වැන්ඩර්සේ
දිල්ශාන් මධුෂංක
මතීෂ පතිරණ

නවතම පුවත් (Latest News)