Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

භානුක රාජපක්ෂට කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට හේතුව උපුල් තරංග හෙළි කරයි

3 years ago

භානුක රාජපක්ෂ ආබාධයකට ලක් වී ඇති බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

භානුක රාජපක්ෂ කණ්ඩායමට නොකැඳවීමට හේතුව කුමක්දැයි නැගුණු පැණයකට පිළිතුරු ලබා දෙමින් උපුල් තරංග මෙලෙස සඳහන් කළේය.
“මේ අවුරුද්දේ පළවෙනි විස්සයි විස්ස තරගාවලි දෙකට භානුකව එකතු කරගන්න අපිට බැරි වුණා. බංග්ලාදේශේ එක්ක තරගාවලියෙදී අපි හිතුවා එයාට අවස්ථාවක් දෙන්න. කුසල් ජනිත් නැති නිසා. හැබැයි අපිට එයා ආබාධයකට ලක් වෙලා කියලා අහන්න ලැබුණා. එහෙම තියෙද්දී තරග ක්‍රීඩා කරන්න කියන්න බෑනේ”

මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ තරංග “මේ දිනවල ජාතික සුපිරි ලීගය ක්‍රියාත්මක වෙනවා. මේ තරගාවලිය සඳහා භානුකත් කණ්ඩායමකට නම් වෙලා තිබ්බේ. හැබැයි භානුක අදාළ කණ්ඩායමේ කළමණාකරුව දැනුවත් කරලා තිබ්බා එයාට ආබාධයක් තියෙනවා, එයා භෞත චිකිත්සක කෙනෙක් ලවා පරීක්ෂා කරාම විවේක ගන්න කිව්වා කියලා. අපේ භෞත චිකිත්සක කෙනෙක් නෙමෙයි මේ පරීක්ෂණය කළේ” යනුවෙන් සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නවතම පුවත් (Latest News)