ක්‍රිකට් පිටියේ සිටි දැවැන්තයින් රැසක සහභාගීත්වයෙන් අද(08) ආරම්භ වීමට නියමිත ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලානය දෙස ලොව පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මහත් උනන්දුවෙන් බලා සිටියි.
මෙම තරගාවලියේ සමාරම්භය උදෙසා විචිත්‍රවත් සමාරම්භක උළෙලක් ද සංවිධානය කර ඇති බව සංවිධායකවරුන් පවසනවා.
එම සමාරම්භක උළෙල වර්ණවත් කිරීම සඳහා සුපිරි බොලිවුඩ් තරු කිහිපයක්ද එක්වීමට නියමිත බව වාර්තාවනවා.
ඒ අතර සංජය දත්, භාද්ෂා, ඉම්රාන් හෂ්මි සාහ ජැකලීන් ෆර්නැන්ඩස් වැනි සුපිරි බොලිවුඩ් තරු සිටින බවයි සංවිධායකයින් පවසන්නේ.
දින 11ක් පුරා පැවැත්වෙන මෙම තරංගාවලිය සඳහා ක්‍රිස් ගේල්, යුවරාජ් සිං, හර්බජාන් සිං ඇතුළු ක්‍රිකට් පිටියේ සිටි දැවැන්ත ක්‍රිකට් තරු කිහිපයක් සහභාගි වීමට නියමිතයි.
තරගාවලියේ සියලු තරඟ මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහයක් ලෙස MagicWinSports ක්‍රියා කරනු ලබයි.

