ඊයේ (09) ශ්‍රී ලංකා බංග්ලාදේශය සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ජය සැමරීමට අපූරු ක්‍රමයක් භාවිතා කළා.
මීට මාස කිහිපයකට පෙර එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය විසින් ඇන්ජලෝ මැතිවුස්ව ටයිම් අවුට් ආකාරයට දවා ගැනීම මතකයට නංවමින් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් විසින් අතේ බැඳි ඔරලෝසුවක් පෙන්වන ආකාරයක් දක්වනු ලැබුවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ජනමාධ්‍ය “මෙම සිදුවීමට දැං මාස හතරක් පමණ වෙනවා. ඒක අමතක කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට සහ නායකයාට අවශ්‍යයි. එහෙම වෙලත් මේ සිදුවීම යළි යළි මතක් කරන්නේ ඇයි” යනුවෙන් ප්‍රශ්න කර තිබෙනවා.
මෙම ප්‍රශ්නයට පිළිතුරු දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පැවසූවේ “එය අමතක කළ යුතු සිදුවීමක් තමයි. ඒ ගැන මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කිරීමත් තේරුමක් නැහැ” යනුවෙනුයි.

