Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බංගලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි! අකිල ධනංජය හා අලුත් මුහුණු කිහිපයකුත් සංචිතයට!

3 years ago

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා දනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

එම සංචිතයට පස් වසරකට පසු අකිල ධනංජයවද කැඳවා තිබීම විශේෂත්වයකි.

එමෙන්ම තම මංගල ටෙස්ට් තරඟයේදීම ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකරව ද මෙම සංචිතයට නම් කර තිබේ.

ඊට අමතරව නිශාන් පීරීස්ව ද සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහතින්.
දනංජය ද සිල්වා, නිශාන් මදුශ්ක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දිනේශ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු උදාර, අකිල ධනංජය, නිශාන් පීරිස්, ප්‍රබාද් ජයසූරිය, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, චාමික ගුණසේකර, කසුන් රාජිත

නවතම පුවත් (Latest News)