Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලහාකාරී ලෙස හැසිරෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ පැටලුණු බංගලාදේශ ක්‍රීඩකයාට ICC යෙන් දඬුවම්

3 years ago

ශ්‍රී ලංකාවට එරෙහිව සිල්හෙට්හිදී ඊයේ (09දා) පැවැති තෙවැනි විස්සයි20 තරගයේදී ආවේගශීලීව හැසිරුණු බංග්ලාදේශ මැදපෙළ පිතිකරු තව්හිද් රිදෝයිට දඬුවම් කිරීමට එම තරගයේ, තරග තීරකවරයා ලෙස කටයුතු කළ සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ප්‍රයික්‍රොෆ්ට් මහතා තීරණය කර තිබෙනවා.

බංග්ලාදේශ ඉනිමේ සිවුවැනි පන්දුවාරයේදී මෙම සිදුවීම සිදු වූ අතර, එහිදී ඔහු දැවී යාමෙන් පසු නැවත ක්‍රීඩාගාරය වෙත යන අතරතුර ආපසු හැරී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමඟ ආවේගශීලි වචන හුවමාරුවක පැටළුණි.

ඒ පිළිබඳ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ෂර්ෆුද්දූලා සයිකට් සහ තන්වීර් අහ්මඩ්, තෙවැනි විනිසුරු ගාසි සොහෙල් සහ සිවුවැනි විනිසුරු මසුදූර් රහ්මාන් විසින් තරග තීරකවරයාට කරුණු දක්වා තිබෙනවා.

ඒ අනුව රිදෝයිගේ හැසිරීම නිරීක්ෂණය කළ තරග තීරකවරයා කරුණු දක්වා ඇත්තේ, ඔහු ICC චර්යාධර්ම සංග්‍රහයේ පළවන මට්ටමේ වරදක් සිදුකර ඇති බවයි.

ඔහු ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන චර්යාධර්ම සංග්‍රහයේ 2.20 වගන්තිය කඩකර ඇති අතර, එය ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි හැසිරීම් ප්‍රදර්ශනය කිරීමකට අදාළ වේ.

මේ හේතුවෙන් ඔහුට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩයක් ගෙවීමටත්, විනය වාර්තාවට අඩුපාඩු ලකුණක් එක් කිරීමටත් තීරණය කර තිබෙනවා.

නවතම පුවත් (Latest News)