Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නුවන් තුෂාර ගැන ලසිත් මාලිංග දුන් සහතිකය

3 years ago

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය නුවන් තුෂාරගේ විශිෂ්ට දක්ෂතා මත ජයග්‍රහණය කිරීමටත්, තරගාවලිය 2 – 1ක් වශයෙන් ජයග්‍රහණය කිරීමටත් ශ්‍රී ලංකා කණ්ඩායමට පෙරේදා (9 වැනිදා) හැකි වූ අතර මෙම තරගයේදී නුවන් තුෂාර දැක් වූ දක්ෂතා මත එළඹෙන ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ඔහුට හිමි විය යුතු බව හිටපු ක්‍රිකට් නායක ලසිත් මාලිංග සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.

“නුවන් එම තරගයේදී පන්දු යොමු කළ ආකාරය විශිෂ්ටයි. ඔහුට අනිවාර්යයෙන්ම එළඹෙන ලෝක කුසලානයේදී කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමි විය යුතුයි. අලුත් පන්දුවෙන් හොඳ දෝලනයක් ගන්න තුෂාරට පුලුවන් ඒ වගේම මතීෂට පරන පන්දුවෙන් හුඟක් හොඳට යෝකර් දාන්න පුලුවන්. මං විශ්වාස කරනවා ඊලඟ ලෝක කුසලානයේදී මේ දෙන්නම කණ්ඩායමේ සිටියි යුතුයි කියලා” යනුවෙන් මාලිංග අදහස් ප්‍රකාශ කළේය.

මෙම තරගයේදී නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් (හැට්‍රික් අවස්තාවක්) සමගින් කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

නවතම පුවත් (Latest News)