Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වනිඳු හසරංගට නැවතත් දීර්ඝ තරග තහනමක් ?

3 years ago

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පිළිබදව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව පවතින බව වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා බංග්ලාදේශ තෙවන එක්දින තරගයේදී විනිසුරු තීරණ විවේචනය කිරීමේ සිද්ධියකට අදාළවයි.

මෙම තරගයේදී වනිදු රිශාඩ් හොසේන්ව කඩුල්ල මුවා කල වරදට ඉල්ලීමක් කලත් විනිසුරු විසින් සංඥා කළේ ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙසයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් review අවස්ථාව උපයෝගී කරගනිමින් එය තෙවන විනිසුරු වෙත යොමු කළා.

එහිදී ඔහුගේ තීරණය ලෙස දැක්වුනේ පිටියේ විනිසුරුගේ තීරණය අවසන් තීරණය ලෙසයි.

එම අවස්ථාවේ වනිදුගේ හැසිරීම සම්බන්ධයෙන් විනිසුරුවරයා විසින් තරග තීරක වෙත පැමිනිල්ලක් ගොනු කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර පැවති ඇෆ්ගනිස්තාන තරගාවලියේ විනිසුරු සමග ප්‍රශ්නයක් ඇති කරගත් නිසා ලබා දුන් දඩුවම් ලකුණුත් නිසා මෙම සිද්ධියටද වරදකරු වුවහොත් වනිඳු හසරංගට ජාත්‍යන්තර තරග කිහිපයක තහනමකට මුහුණ දීමට සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචිමාර්ග පවසනවා.

එවැනි පසුබිමක ටෙස්ට් තරගවලින් සමුගෙන සිටි වනිදුව බංගලාදේශයට එරෙහි ටෙස්ට් සංචිතය සඳහා යළි කැඳවා තිබෙනවා.

නවතම පුවත් (Latest News)