Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

එක්දින තරගාවලි ජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව හාස්‍යට ලක් කළ මුෂ්පිකර් රහීම්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

3 years ago

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග 02කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් බංග්ලාදේශ ජ්‍යෙෂ්ටතම ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් ඉවත්කර ඇති බවට තොරතුරු වාර්තා කරනවා.

රහීම්ගේ ඉවත්කිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ ඔහුගේ දකුණු මාපටැඟිල්ලේ අස්ථි බිඳීමක්.

ඔහු ඊයේ එක්දින තරගය අතරතුරදී ආබාධයට ලක්ව ඇති අතර තරගයෙන් අනතුරුව ඔහුව MRI පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් රහීම් වෙනුවට ආදේශක ක්‍රීඩකයා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ දක්වා නම් කර නැත.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මාර්තු 22 වැනිදා සිල්හෙට්හිදී ආරම්භ වේ.

නවතම පුවත් (Latest News)