IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය රුතුරාජ් ගයික්වාඩ් වෙත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය හිටපු ප්‍රබල පිතිකරු මෙන්ම හිටපු නායකයෙක් ද වූ මහේන්ද්‍ර සිං දෝනි විසින් මින් පෙර එම කණ්ඩායමේ නායකත්වය දරනු ලැබුවා.
ඒ අනුව වසර ගණනාවකට පසු ඔහු චෙන්නායි කණ්ඩායමේ ක්‍රීඩා කරන්නේ නායකත්වයේ වගකීම නොමැතිවයි.
රුතුරාජ් 2019 වසරේ සිට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් බවට පත්ව ඇති අතර ඔහු මේ වන විට IPL තරඟ 52කට ක්‍රීඩා කර තිබෙනවා.

