Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ ධනංජයගේ හා කමිඳුගේ සුපිරි ඉනිම්

3 years ago

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දීත් ශතක වාර්තා කිරීමට නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අද (24) සමත් වුණා.

එම ශතක ද්විත්වයත් සමඟ ඔවුන් දෙදෙනා ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක රැස් කළ ලොව තෙවැනි පිතිකරු යුගලය ලෙසයි.

මින් පෙර එම දස්කම පළමුවරට දක්වා තිබුණේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් විසින් 1974 වසරේ නවසීලන්තය කණ්ඩායමට එරෙහිවයි.

අනතුරුව එවැනි දස්කමක් දැක්වූ දෙවැනි පිතකරුවන් යුගළය බවට පත්වීමට පාකිස්ථාන ක්‍රීඩකයින් වන අසාර් අලි සහ මිස්ටා උල් හක් සමත් වූ අතර ඔවුන් 2014 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව එම දස්කම දක්වනු ලැබුවා.

නායක ධනංජයද සිල්වා හා කමිඳු මෙන්ඩිස් පළමු ඉනිමේදී ලකුණු 108 බැගින් රැස් කිරීමට සමත් වූ අතර දෙවැනි ඉනිමේදී ධනංජය ද සිල්වා ලකුණු 108ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 168ක් රැස් කිරීමට සමත් විය.

නවතම පුවත් (Latest News)