මේ වන විට පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලිය සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ශකීබ් අල් හසන් ඇතුලත්ව සිටියේ නැහැ.
සීමිත පන්දුවාර තරඟාවලියෙන්ද ශකීබ් විවේක ගන්වා තිබුණේ හේතු කිහිපයක් සලකා බලමින් බව එරට තේරීම් කමිටුව තරඟාවලියට පෙර මාධ්‍යට කියා තිබුණා.
කෙසේ නමුත් තරඟාවලියේ ඉතිරිව ඇති එකම ටෙස්ට් තරඟය සඳහා ශකීබ් එක් කරගැනීමට එරට තේරීම් කමිටුව සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ශකීබ් දෙවැනි තරඟය සඳහා වන බංග්ලාදේශ සංචිතයට එක්කර ගනු ඇත.
ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පළමු ටෙස්ට් තරගයේදී බංගලාදේශ කණ්ඩායම ලැබූ දැඩි පසුබෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

