දැනට ලොව වයස්ගතම කත වශයෙන් නම සනිටුහන් කරන්නට ජපානයේ 116 හැවිරිදි ටොමිකෝ ඉටුකා සමත්ව තිබෙනවා.
ඇය ජපානයේ අෂියා නගරයේ පදිංචිකාරියකි.
එම වාර්තාවට මෙතෙක් කලක් හිමිකම් කී 117 හැවිරිදි මරියා බ්‍රැන්යස්ගේ පසුගිය සතියේ අභාවප්‍රාප්ත විය.
අමෙරිකාව පදනම් කොටගත් ජෙරොන්ටොලොජි පර්යේෂණ කණ්ඩායම විසින් 1908 අවුරුද්දේ මැයි 23 වැනිදා උපන් හිටපු කඳු නගින්නියක වූ ටොමිකෝ ඉටුකා නව ලෝක වාර්තාවට හිමිකම් කියන බව ඉකුත් (21) නිවේදනය කළා.


