Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ග්‍රාහකයක් පෘථිවියට කඩා වැටෙයි

2 years ago

මීටර් 1ක පමණ විවිශාලත්වයකින් යුත් කුඩා ග්‍රහකයක් අද පෘථිවියට කඩා වැටුණු බව නාසා ආයතනය සඳහන් කරනවා.

නාසා ආයතනයට පවසන්නේ, එය පිලිපීනයට ඉහළින් ලූසොන් දූපත අසල දැවී ගිය බවයි.

එය විශාලත්වයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින් වායිගෝලයේදීම දැවී අවසන්ව තිබෙනවා.

2024 RW1 යන නමින් මෙම ග්‍රහකය නම් කර ඇති අතර, මෙය දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව බවයි නාසා විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම මෙවැනි කුඩා ප්‍රමාණයේ ග්‍රහක සෑම සති දෙකකට වරක් පෘථිවියට කඩා වැටෙන නමුත් ඒවා දක්කනට ලැබෙන්නේ ඉතා කලාතුරකින් බවයි.

නවතම පුවත් (Latest News)