Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මාර්ගගත ක්‍රමයට! රජයට මිලියන 10ක ඉතිරියක්!

2 years ago

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ බවයි ඒ මහතා කියා සිටියේ.

මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුර දී යි.

ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවයි සුසිල් ප්‍රේමජයන්ත් මහතා පෙන්වා දුන්නේ.

ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේ.

එමෙන්ම විද්‍යාපීඨ 19 ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටු‍වීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ලබන සතිය වන විට එම කටයුතු ද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් එහිදී අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‍අමාත්‍යවරයා කියා සිටියා.

නවතම පුවත් (Latest News)