Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්ෂ්‍රේත්‍ර රාජකාරී සඳහා යන බව පවසා ප්‍රබල දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගී වුණු පිරිසක් ගැන පරීක්ෂණයක්

2 years ago

ජාතික ජනබලවේගයට සම්බන්ධ බව කියන මහනුවර දිස්ත්‍රික් සමෘද්ධි කළමනාකරුවන් පිරිසක් රාජකාරි වේලාව තුළ දේශපාලන රැස්වීමට සහභාගි වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මැතිවරණ කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

බැහැර යාමේ ලේඛණ වල කෘෂිකර්ම කමිටු, ණය විමසීම, ආයෝජන කටයුතු පිළිබඳ සොයා බැලීම වැනි කරුණු සඳහන් කර ඇතැම් සමෘද්ධි කළමනාකරුවන් අදාළ රැස්වීමට ගොස් තිබෙන බව මහනුවර මැතිවරණ කාර්යාලය පවසයි.

රැස්වීමට සහභාගි වී සිටි ඇතැම් සමෘද්ධි කළමනාකරුවන් මැතිවරණ රාජකාරි සඳහා ඉල්ලුම් කර ඇතැයිද වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර වාර්තාවක් ලබා ගැනීමට මහනුවර මැතිවරණ කාර්යාලය පියවර ගෙන තිබේ.

මෙම රැස්වීම මහනුවර වේල්ස්පාක් ප්‍රදේශයේ පිහිටි හෝටලයක පවත්වා ඇත. (source – newscenter)

නවතම පුවත් (Latest News)