පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ.
ඒ, ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදමින් සිටින අවස්ථාවේදීයි.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මන්ත්‍රීවරයාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය දින කිහිපයේදී දෙමළ ජාතික ජනතා සන්ධානය විසින් ජනාධිපතිවරණය වර්ජනය කරන ලෙසට උතුරු – නැගෙනහිර පළාත්හි ජනතාව දැනුම්වත් කිරීමේ පත්‍රිකා බෙදීමේ වැඩසටහන් කිහිපයක් සංවිධාන කර තිබූ බවයි වාර්තා වන්නේ.

