Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද රාත්‍රියේ කාලගුණය ප්‍රචණ්ඩ වෙයි

2 years ago

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද පස්වරුවේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර සහ සබරගමුව පළාත් වල ඇතැම් ප්‍රදේශවල මිලීමීටර 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට, මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර 45 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

නවතම පුවත් (Latest News)