භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ චෝදනා වලට වරදකරු කර මරණීය දණ්ඩණය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනාම එම නඩුවේ 17වන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා ඒ පිළිබඳ විත්තිකරුවන් හට දැනුම් දුන්නා.
ඒ අනුව නඩුවේ චෝදනාවක් වන නීති විරෝධී ටී.56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම හා ඒ සඳහා ආධාර අනුබල දීම හා ක්‍රමන්ත්‍රණය යන චෝදනාවෙන් එලෙස ඔවුන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
නඩුව කැඳවූ අවස්ථාවේ වැලිකඩ රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
ඒ වෙනුවට ඔහුගේ රෝග තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාර නිළධාරීන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස නියම කළ අතර කෙසේවෙතත් මරණීය දණ්ඩණය නියම වූ දුමින්ද සිල්වා මහතා සෙසු චෝදනා යටතේ තවදුරටත් බන්ධනාගාරගතව පසුවනවා.

