Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සැප්තැම්බර් 19 වනදා හා 20 වනදා සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයිද ?

2 years ago

ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි

ඉන්පසුව එළඹෙන පැය 48 ක නිහඬ කාල​​යේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන අපේක්ෂක ප්‍රචාරක කටයුතු හා මඩ ප්‍රචාර ආදිය නතර කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ සකස් කිරීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හා සමාජ මාධ්‍ය ජාල අයත් ආයතන එක්ව කටයුතු කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.

මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය වනවා.

මෙම කාලය තුළදී ප්‍රචාරක කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වුවද ප්‍රධාන පක්ෂ විසින් එම කාලය තුළදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු කිරීමේ සැලසුමක් පවතින බවට තොරතුරු අනාවරණයවී තිබෙන බවයි කොමිසම සඳහන් කළේ.

එමෙන්ම නිහඬ කාලයේදී සමාජ මාධ්‍යවල සිදු කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු වැළැක්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවද ක්‍රමවේදයක් සකස් කරගෙන යන බව ද ඔහු පැවසුවා.

එම දෙදින තුළ සමාජ මාධ්‍ය තහනමක් පැනවීමේ සූදානමක් පවතින බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණද එවැනි තීරණයක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත් (Latest News)