බිබිල මහියංගනය මාර්ගයේ හෑපොල ආසන්නයේ දී අද (15) බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඇගලුම් කම්හලකට අයත් බස් රථයක් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් රැගත් වෑන් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් භික්ෂූන් වහන්සේලා බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

