සුදත්ත තිලකසිරි මහතාගේ යූටියුබ් නාලිකා දෙකකට හැකර්වරුන්ගේ ප්රහාරයක් එල්ල වි තිබෙන බව වාර්තා වනවා.
පසුගිය දිනවල විවිධ නගරවල සැරිසරමින් ජනාධිපතිවරණයේදී පවතින ජනතා මතය සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණ වීඩියෝ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල විය.
ඇතැමුන් චෝදනා එල්ල කළේ ඔහු එම සමීක්ෂණයන්හිදී ජාතික ජන බලවේගයට වාසිදායක අයුරින් කටයුතු කරන බවයි.
ඔහු වසර ගණනාවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂග්රාහීව කටයුතු කළේය.
ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී දැඩි රාජපක්ෂ විරෝධී ප්රතිපත්තියක් අනුගමනය කරනු ලැබු ඔහු පසුව දේශපාලකයින් විවේචනය කරමින් විවිධ යූ ටියුබ් වැඩසටහන් නිර්මාණය කරමින් ජනතාව අතර ප්රසිද්ධියට පත් විය.

