Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27කින් හමුවෙයි

2 years ago

යුරෝපය පුරා වේගයෙන් ව්‍යාප්ත වන නව දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් සොයාගෙන තිබෙනවා.

මෙම ප්‍රභේදය නම්කර ඇත්තේ එක්ස්. ඊ. සී (XEC) ලෙසින්.

ඉක්මනින් ව්‍යාප්ත විය හැකි කොවිඩ් ප්‍රභේදයක් ලෙස මෙය හඳුනාගෙන ඇති අතර පසුගිය ජූනි මාසයේදී මුල්වරට මෙය ජර්මනියෙන් සොයාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේද දෙකක් එකතු වී මෙම නව එක්ස්.ඊ.සී ප්‍රභේදය සෑදී ඇති බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

රටවල් 27කින් සාම්පල 500 ක් එකතු කර ඇති බවත් එම සාම්පලවල මෙම නව ප්‍රභේදය තිබෙන බවට තහවුරු වී ඇති බවත් විද්‍යාඥයෝ පවසනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට මෙම නව එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව අවම බවයි.

නවතම පුවත් (Latest News)