පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අසල සහ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අවට මාර්ගවල රථවාහන තදබදයක් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඒ අසල කිලෝමීටර් ගණනාවක දිගු රථවාහන පෝලිමක් දැකගත හැකි බවයි වාර්තා වන්නේ.
මාළු සහ එළවලු මිලදී ගැනීම සඳහා වාහනවලින් එකවර පැමිණි විශාල පිරිසක් හේතුවෙන් මෙම තදබදය ඇතිවී තිබේ.

