Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂයක් තවමත් තැපැල්හල්වල

2 years ago

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 100,000 ක් පමණ තැපැල් කාර්යාල තුළ ඉතිරීවී ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවැසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හැත්තෑ හයදහස් තිස් හතක් බෙදාහැරීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු බවත්, ඉන් 99%ක්ම බෙදාහැර ඇති බවත් ඔහු කීවේය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට කටයුතු කරනු ලැබුවේ මෙවර ජනාධිපතිවරණයේදී බවත්, ඉකුත් ජනාධිපතිවරණයේදී (2019) බෙදාහරින ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයේ ප්‍රතිශතය 98% ක් බවද නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.

ඡනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති අද (21 වැනිදා) දිනයේදීද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 30,000 ක් පමණ තැපැල් කාර්යාලවලට ගොස් අනන්‍යතාවය තහවුරු කර ඡන්ද හිමියන් විසින් ලබාගෙන තිබුණි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමටද අවස්ථාව මෙවර සලසා තිබු අතර, ඇතැමුන් එම පිටපත භාගත කරගෙන ඡන්ද මධ්‍යස්ථානවලට ඉදිරිපත් කර ඡන්දය ප්‍රකාශ කළේය.

නවතම පුවත් (Latest News)