2024 ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය අද (22) පස්වරු 7.00ට පමණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
එම අවස්ථාවට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනා ද එක් වනු ඇති.
මෙය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කිරීමට සැලැසුම් කර ඇති බවයි එම සභාව සඳහන් කළේ.

