මෙරට නව වැනි ජනපතිවරයා ලෙස පත් වූ අනුර කුමාර දිසානායක දිවුරුම් දීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් වැඳපුදා ගත් බව සඳහන් වෙනවා.
එසේ ම මල්වතු අස්ගිරි නායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගත් බවයි වාර්තා වන්නේ.
මේ අතර ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (23) පස්වරුවේ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඉන් අනතුරුව ජනාධිපතිතුමා කොළඹ දවටගහ මුස්ලිම් දේවාස්ථානයට ද ගොස් ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

