Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට කිරීමට සැකපිට අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් දුන් තීන්දුව

2 years ago

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්‍යක්ෂවරයා ඔක්තොම්බර් 07 දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.

57 හැවිරිදි සැකකරු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකර ඇති බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇති අතර ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

නවතම පුවත් (Latest News)