ඉරානය, ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.
ඉරානයෙන් මිසයිල එල්ල වෙද්දී, එවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වහා ක්‍රියාත්මක විය. එහෙයින් මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට ඊශ්‍රායලය හැකි විය.
එසේ වුවත්, අනතුරු ඇඟවීමේ නළා නාද වෙද්දී ඊශ්‍රායල වැසියන් බියට පත් වී ආරක්ෂක ස්ථාන වෙත දිවගිය අයුරු දකින්න ලැබුණි.
ඉරාන මිසයිල ආරක්ෂක පද්ධතියට හසු නොවුණු මිසයිල කීපයක් ඊශ්‍රායලයට පතිත වූ නමුත් එයින් සැලකිය යුතු හානියක් සිදු නොවුණු බව ද පැවැසෙයි.
මෙම ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ජාත්‍යන්තරව තෙල් මිල සඳහා ප්‍රධාන මිණුම් ලකුණක්වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 74.40 දක්වා 1% ට වඩා වැඩි වී තිබෙනවා.

