ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කළ සතුරන්ට ඉදිරියේ දී දරුණු ප්‍රතිචාර හිමිවනු ඇති බව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි පවසනවා.
පසුගිය සතියේ ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවයි ඉරාන අධ්‍යාත්මික නායකතුමා ප්‍රකාශ කළේ.
1979 වසරේදී ටෙහෙරානයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය අල්ලා ගැනීමේ 45 වැනි සංවත්සරයට සමගාමීව පැවති උත්සවයකට එක්වෙමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල්කමේනි මේ බව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඒ අනුව සිය රටට සහ ජනතාවට එරෙහිව කටයුතු කරන අමෙරිකාවට සහ ඊශ්‍රායලයට ඉදිරියේ දී දරුණු ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බව ඔහු අවධාරණය කර සිටියා.
පසුගිය සතියේ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් ඉරානයේ සොල්දාදුවන් සිව් දෙනෙකු මිය ගිය බවට තහවුරු කර තිබුණා.
පසුගිය ඔක්තෝබර් මස පළමුවැනිදා ඉරානය එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඊශ්‍රායලය විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.
