ගංවතුර පීඩාවට පත් වැලන්සියා ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් වැසියන් මඩ ප්‍රහාරයක් එල්ල කර නගරයෙන් පන්නා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මඩ පමණක් නොව හිස් වතුර බෝතල් වැනි දේවල්ද වැලන්සියා වැසියන් ස්පාඤ්ඤ රජු දෙසට කෝපයෙන් එල්ල කර ඇති බව වාර්තා වේ.
එසේම වැලන්සියා ප්‍රදේශයට පැමිණි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස්ගේ වාහන පෙළටද එහි වැසියන් පහරදී පන්නා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මඩ පහරකමින් පීඩාවට පත් ජනතාව සැනසීමට ස්පාඤ්ඤ රාජකීයයන් උත්සාහ දැරුවත් එම උත්සාහයන් අසාර්ථක වී ඇති අතර අවසානයේ වැලෙන්සියා වැසියන්ගේ දැඩි විරෝධය මත රාජකීයයන් පිටත්ව ගොස් ඇත.
ස්පාඤ්ඤයට බලපෑ දරුණු ගංවතුර 211 කට මරු කැඳවූ අතර ඉන් තවමත් 1900 ක පිරිසක් අතුරුදන්ව සිටී. ගංවතුර අවදානම පිළිබඳව අනතුරු ඇඟවීමට ප්‍රමාද වීම සහ මුදා ගැනීමේ කණ්ඩායම් කාර්යක්ෂමව යෙදවීමට අපොහොසත් වීම පිළිබඳව වැලෙන්සියා වැසියන් ස්පාඤ්ඤ බලධාරීන්ට චෝදනා එල්ල කරයි.
