ෆෙඩරල් බදු සහ තුවක්කු වැරදි සම්බන්ධයෙන් දඬුවම් නියම වූ වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩින්ගේ පුත් හන්ටර් බිඩෙන්ට, ජනපති බයිඩ්න් විසින් සමාව ප්‍රධානය කළ බව ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (01) නිවේදනය කළා.
තමන්ගේ තීරණය සම්බන්ධයෙන්, ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාව දීමට තීරණය කළ බවත්ය.
54 හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ එම චෝදනා දෙකටම ඔහු වරදකරු වී සිටී. ජෝ බයිඩන් පුත් හන්ටර්ට ජනාධිපති සමාව දී තිබෙන්නේ හන්ටර් බයිඩන්ට දඬුවම් නියම කිරීමට සූදානම් අවස්ථාවකදීය.
එළඹෙන ජනවාරියේ සිය ධුරයෙන් ඉවත් වීමට සූදානම්ව විටින අවස්ථාවේදී බයිඩන් සිය පුතුට ලබා දුන් සමාව පිළිබඳව විරුද්ධ පාක්ෂිකයන්ගේ දරුණු විවේචන එල්ල වෙමින් පවතී.
මෙම නිල සමාව දීම ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවලංගු කළ නොහැකි එකක් බවයි වාර්තා වන්නේ.
