දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජාතිය අමතා සමාව අයැද තිබෙනවා.
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල්ට දෝෂාභියෝගය සඳහා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර ජාතිය ඇමතීම සිදු කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රට තුළ දේශපාලන අස්ථාවරත්වය ඇති වීමෙන් පසු ඔහු මහජනතාව ඉදිරියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය වනවා.
තමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් කම්පනයට පත් වූ ජනතාවගෙන් අවංකවම සමාව අයදින බවත් ධුර කාලය පිළිබඳ ප්‍රශ්නය ඇතුළුව අනාගතයේදී දේශපාලන තත්ත්වය ස්ථාවර කිරීමට පියවර ගැනීම තමා නියෝජනය කරන පක්ෂයට භාර කරන බවද ජාතිය අමතමින් සඳහන් කර සිටියා.
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ සිදු කළ ප්‍රකාශයෙන් පසුව ජාතික සභාවේදී ඊට විරෝධය පළවූ අතර යුද නීතිය ඉවත් කිරීමට අනුමැතිය ලබා ගැනීමට ඡන්ද විමසීමක් ද පැවැත්වුණා.
