දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ චිත්‍රපටය වන Pushpa 2 හි මංගල දර්ශනයේදී ඔහුගේ රසිකයකු මියයෑම සම්බන්ධ නඩුවක් පදනම් කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සංගීත අධ්‍යක්ෂ දේවි ශ්‍රී ප්‍රසාද් සමඟ උත්සවයට සහභාගී වූ චිත්‍රපටයේ තරුව වන අල්ලු අර්ජුන් දැකබලා ගැනීමට විශාල ජනකායක් එක්රැස් වීමත් සමඟ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ
එම තෙරපීමෙන් කාන්තාවක් මිය ගොස් ඇගේ 8 හැවිරිදි පුත්‍රයා බරපතල තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.
එහිදී ඇගේ පුත්‍රයා හුස්ම හිරවීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ප්‍රශ්න කිරීම සඳහා අල්ලු අර්ජුන්ව පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
