UPDATE (11.00): මෙම අනතුරින් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.
————————————————————————————————————————————————————————————-
දකුණු කොරියාවේ මුආන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට, ගුවන් යානයක් ගොඩ බෑමේදී ධාවන පථයෙන් ඉවතට පැන ගුවන්තොටුපොළේ තාප්පයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරට පත්වන අවස්ථාවේදී මගී ගුවන් යානය තුළ මගීන් 175 දෙනෙකු සහ ගුවන් සේවිකාවන් 6 දෙනෙකු රැඳි සිට තිබුණි.
කොරියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මේ වන විටත් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.
කෙසේ නමුත් මියගිය පිරිස තවත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
