Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බීම යැයි සිතා ඩීසල් පානය කළ දරුවෙක් මරුට

2 years ago

යාපනය, කයිට්ස්, නාරාන්තනෙයි ප්‍රදේශයේ දරුවෙකු ඩීසල් ශරීරගත වීම නිසා පසුගිය 22 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නාරන්තනෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු එකහමාරක දරුවෙක්.

මියගිය දරුවාගේ පියා තවත් අයෙකු සමග එක්ව අත් ට්‍රැක්ටරයක් අලුත්වැඩියා කොට ඇති අතර, එයින් ඉතිරි වූ ඩීසල් හිස් සිසිල් පැන් බෝතලයකට දමා ඇති අතර එම බෝතලය තුල තිබූ ඩීසල් යම්කිසි බීම වර්ගයක් බව සිතා මෙම දරුවා විසින් එය පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

දරුවාගේ අසාත්මිකතාවයක් පෙන්නුම් කිරීම නිසා වහාම ඔහුව කයිට්ස් රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

දරුවාගේ තත්ත්වය අසාධ්‍ය වීම නිසා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නවතම පුවත් (Latest News)