පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුල ඊයේ(23) රාත්‍රියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටගෑම් සාදයක් පවත්වන බවට පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදුකර ඇත.
ඒ අනුව, මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සමග සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
එමෙන්ම එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකුද සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තවද මෙම සාදය පැවැත්වූ හෝටලයේ හිමිකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 200ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18 ත් 35 අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
පමුණුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
