Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

2 years ago

රජයේ මුද්‍රණාලයේ සියළුම සේවකයන්ගේ නිවාඩු පළාත් පාලන ඡන්ද විමසීම අවසාන වන තෙක් අවලංගු කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා නිලධාරීන් පැය 24 පුරා සීරුවෙන් සිටිය යුතු හෙයින් රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා මෙම තීරණය ගෙන ඇත.

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාවද තර කර තිබේ.

එමෙන්ම රජයේ මුද්‍රණාලය පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ජංගම රථ සංචාර ක්‍රියාත්මක වන බව රජයේ මුද්‍රණාලාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඊයේ ආරම්භ කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

නවතම පුවත් (Latest News)