Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැන තැන වෙඩි තිබ්බට ජාතික ආරක්ෂාවට බලපෑමක් නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

2 years ago

දිවයින පුරා සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් වලින් ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් ඇති නොවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

අද (25) පැවැති උත්සවයකට එක්වූ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

“ජනතාවගේ ආරක්ෂාව අපි සහතික කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. අපි මුළු ලංකාවේම මහජන ආරක්ෂාව සහතික කරලා තියෙනවා. පාතාල කල්ලිවල ඝට්ටනයක් යන්නේ. නමුත් එකෙන් ජාතික ආරක්ෂාවට මහ බලපෑමක් නෑ. අපේ මහජන ආරක්ෂක අමාත්‍යංශය ඒ ගැන විශේෂ වැඩ කරගෙන යනවා.”

නවතම පුවත් (Latest News)