Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

2 years ago

ඇතිමලේ පොලිස් වසමේ කොටියාගල 05 කණුව අතුරු මාර්ගයේ වත්තේගම ප්‍රදේශයේදී ඊයේ (25) සවස් කාලයේ වත්තේගම දෙස සිටි 05 කණුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ආරක්ෂක වැටෙහි ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ඇතිමලේ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබුණා.

මරණකරු වයස අවුරුදු 18ක් වූ කොටියාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය ඇතිමලේ රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

නවතම පුවත් (Latest News)