Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුවෙිට්හිදී සිර දඬුවම් විදි ලාංකිකයන් 20 ක් මෙරටට

2 years ago

විවිධ චෝදනා සම්බන්ධයෙන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනකු , කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ , මෙරටට භාර දීම සදහා අද (26) දහවල් කටුනායක ගුවන් තොටුපොළට විශේෂ ගුවන් යානයකින් රැගෙන ආ බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පවසනවා .

කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම 2007 වසරේ දී අත්සන් තබා ඇති තිබේ.

එම ගිවිසුම යටතේ ඉකුත් 2024 වසරේදීත් ශ්‍රී ලංකා සිරකරුවන් 32 දෙනකු පළමු වරට මෙරටට ගෙනැවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ ශ්‍රී ලාංකික සිරකරුවන් , කුවේට් රාජ්‍යය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම , ප්‍රවාහනය කිරිම සහ ජාවාරම් කිරීම යන චෝදනා සහ තවත් විවිධ චෝදනා මත එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාවලිය වෙත යොමු කර, දඩුවම් ලබා, බන්ධනාගාරගතව සිටි පිරිසකි.

නවතම පුවත් (Latest News)