දැනට දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සේවය අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පුද්ගල ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාවක්, කථානායකවරයා වෙත භාර දීමට ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් පසුගියදා කටයුතු කළා.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊයේ (26) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
