Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අන්තරේ කැඳවුම්කරු ඇතුළු සම සෞඛ්‍ය උපාධිධාරින් 27ක් අත්අඩංගුවට

2 years ago

අධිකරණ නියෝග කඩකිරීම ඇතුලු චෝදනා යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවූ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ඇතුලු සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රජයේ සේවයට බදවා ගැනීම සීමා කිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගෙන සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ඊයේ දහවල් මෙලෙස විරෝධතාවක නිරතවිය.

එහිදී ඔවුන්ගේ නියෝජිතයින් කිහිපදෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් හිමිවූ අතර එය අසාර්ථක වීම හේතුවෙන්, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳි සිටිමින් විරෝධය දැක්වීය.

මෙහිදී උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබූ අතර ඒ අනුව විරෝධතාකරුවන්ට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදිකවේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබුණි.

නවතම පුවත් (Latest News)