Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ප්‍රසන්න රණවීරගෙන් පෙත්සමක්

2 years ago

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද ?නැද්ද ? යන නියෝගය අප්‍රේල් මස 28 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියම කළේය.

ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. 

කැලණිය ප්‍රදේශයේ රජයේ ඉඩමක් නීති විරෝධී ඔප්පු සකසා විකිණීමේ සිද්ධියකට අදාළව තමන් ව අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

නවතම පුවත් (Latest News)