Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජල රකුසාට බිලි වූ හමුදා සෙබළා

2 years ago

පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ කෑගල්ලේ පදිංචිව සිටි වවුනියාව, පංපේමඩුව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ 38 හැවිරිදි හමුදා භටයෙක්.

ඔහු තවත් හමුදා භටයන් තිදෙනෙකු සමග එම හමුදා කදවුරේම සේවය කරන හමුදා භටයෙකුගේ පියාගේ අවමංගල්‍යට සහභාගි විම සදහා පහළ දිවුල්වැව ප්‍රදේශයේ පිහිටි නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, අවමංගල්‍යට උත්සවය අවසන් කොට ඊයේ (27) මොවුන් ආපසු හමුදා කදවුරට යමින් සිටියදි පහළ දිවුල්වැව වැවට දිය නෑමට ගිය අවස්ථාවේදි මෙම හමුදා භටයා දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවයි.

නවතම පුවත් (Latest News)