අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට අදාළ සැකකරු ඊයේ පැවති හදුනාගැනීමේ පෙරට්ටුවේදී පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවා.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරුව ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
සැකකරු වෙනුවෙන් කිසිඳු නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර සැකකරු තමාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව ද අධිකරණයට දැනුම් දුන්නා.
එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව එම ඉල්ලීම සලකා බලන බවයි.
